skip to Main Content

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතූන් වහන්සේලා වැඩසිටින ගිරිහඬු සෑ රජුන් උදෙසා තේවා පූජාවන් දෙකක් උදෑසන සහ සවස ඉමහත් ශ්‍රද්ධාවෙන් පවත්වනු ලබයි.

උදෑසන පූජාව – පෙරවරු 6.00 ට පැවැත්වේ.

  • හේවිසි හා ඝණ්ඨාර ශබ්ද පූජාව
  • දැහැටි දඬු, දත් බෙහෙත්, මුව පිස්න පූජාව
  • උණු පැන්, සිසිල් පැන් පූජාව
  • විළඳ මී පැණි, කිරිපිඬු සහ පළතුරු සහිත ආහාර පූජාව
  • අටපිරිකර, පාවහන්, වටාපත, කුඩය සමග පරිස්කාර පූජාව.

සවස පූජාව – පස්වරු 6.00 ට පැවැත්වේ.

  • හේවිසි හා ඝණ්ඨාර ශබ්ද පූජාව
  • අෂ්ඨපාන වර්ග සහිත ගිලන්පස පූජාව
  • චතුමදුර පූජාව
  • අටපිරිකර, පාවහන්, වටාපත, කුඩය සමග පරිස්කාර පූජාව.
Back To Top