රජයේ මිනින්දෝරු නිළදරුවන් හට ගිරිහඬුසෑය නෙත ගැටීම [1929]
වසර සිය ගනනක දීර්ඝ නිහැඩියාවකින් පසු පළමු වරට තිරියාය ගිරිහඬුසෑය සෙල්ලිපිය නෙත ගැටී ඇත්තේ රජයේ ඉඩම් මැනීම් කටයුතුවල නිරත වූ මිනින්දෝරු නිළදරුවන් වෙතයි. සැනෙකින් ක්‍රියාත්මක වූ ඔවුන් එවකට පුරාවිදු අධිකාරී ලෙස කටයුතු කළ, ජාතියේ පිනට පහල වූ, සෙනරත් පරනවිතාන මැතිඳුන්…
