skip to Main Content

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් නව වෙබ් අඩවිය විවෘත වූ වගයි!

තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් 2020.11.18 දින සියළු ලෝකවාසී බෞද්ධ ජනයා වෙත ඉමහත් භක්තියෙන් විවෘත කළ වගයි !

ගිරිහඬු සෑ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිගේ මගපෙන්වීම අනුව නව වෙබ් අඩවිය නිර්මාණය කළ අතර  විවෘත කරන මොහොත සඳහා මහා සංඝරත්නය අතුළු ගිහි පිංවතුන් රැසක්  සහභාගී විය. ගිරිහඬු සෑ පරිශ්‍රෙය් සිට තාක්ෂණික දායකත්වය සැපයීම ත්‍රිකුණාමළ සුමේධංකර මහා විද්‍යාලයේ විදුහල්පති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු මංගල ධර්ම‍සේන මහතා විසින් සිදුකරනු ලබිණි. මාතර ඉල්මා විද්‍යාලයේ ආචාර්ය චන්දිම අබේසිරිවර්ධන මහතා විසින් වෙබ් අඩවිය නිරිමාණය කරන ලදි.

Back To Top