skip to Main Content

පුදබිමේ පැවති ප්‍රධානතම දුෂ්කරතාවය වූ පානීය ජල ගැටළුව අවසන් කළ වගයි! [ 2020 ]

ගිරිහඬුසෑ මහා සෑ රදුන් වෙත පැවති ප්‍රධානතම දුෂ්කරතාවය වූ පානීය ජලය නොමැතිකම නිරාකරණය කරමින් මහා සෑ බිම වෙත අඛන්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ මහානීය පුණ්‍යකර්මය ශ්‍රී බුද්ධ වර්ෂ 2564 දී එනම් ව්‍යහාර වර්ෂ 2020 දී මාතර වල්ගම පාසාදික සෙනසුන අනුබද්ධිත පාසාදික ශාසන පුනර්ජීවන පදනම හා පාසාදික ජාතික පුනර්ජීවන පදනම මගින් සිදුකරන ලදි.

මේ උත්තම ශාසන සත්කාරයෙන් ජනිත අපරිමිත කුසලය සම්බුද්ධ ශාසනයේත් හෙළ ජාතියත් මාතෘභූමියත් සුරකීමට දිවි දී කැපවුනු හා කැපවන අතීත වර්ථමාන හා අනාගත උදාර හෙළයන්ටත් චාතුම්මහාරාජික සව්වනක් ප්‍රජාවටත් සියලු දෙවියන්ටත් සියලු සත්වයන්ටත් සාදු සිතින් අනුමෝදම් කරමු ! අනුමෝදම් වෙත්වා ! සම්බුද්ධ ශාසනයත් හෙළ ජාතියත් උපන් මව්බිමත් සුරකින්නට සියළු හෙළයන් මෙත් සිතැති දැක්මකින් එක් වෙත්වා ! තෙරුවන් සරණයි !

පාසාදික සෙනසුන, ශ්‍රී සර මාවත, වල්ගම, මාතර.

2020.08.22

Back To Top