තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

වස් සමාදන් වීම සහ කඨින පිංකම [2014]
වස් ආරාධනය සහ දානය පිළිගැන්වීම ශ්‍රී ලංකා කාන්තා නීතීඥ සංගමයේ සභාපතිනි යමුනා ගුණසේකර මැතිනිය ඇතුළු සාමාජිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2014.08.12 වන දින සිදුකරන ලදි. තවද සර්ව රාත්‍රික පිරිත් සඩ්ඣායනය සහ දානය පිළිගැන්වීම සැප්තැම්බර් මස 28 සහ 29 දින වලදී සිදු කෙරිණ. ඔක්තෝබර් මස 17 වන දින කඨින චීවර පූජාව සිදුකිරීම සහ සවස් භාගයේ ගිරිහඬු සෑ රජුන් වෙත කප්රුක් පූජාව පැවැත්විණි. මෙම කටයුතු වෙනුවෙන් පොලිස් නිළධාරීන් විශාල පිරිසකගේ සහාය ලැබිණ.