තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් විහාරස්ථානයට ප්‍රදානය කිරීම [2019]
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවූ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික නිර්මාණයක් ලෙස ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් විහාරස්ථානයට ප්‍රදානය කරන ලදි. පිරිසිදු පානීය ජල අවශ්‍යතාව දැඩිව පවතින විහාරස්ථානයට ලබා දුන් ජල පිරිපහදු පද්ධතිය බෙහෙවින් අගය කරන අතර ඒ වෙනුවෙන් කැපවූ අති ගරු ජනාධිපති තුමාටත්, තිරියාය නාවික හමුදා වලගම්බා රෙජිමේන්තුවටත් පුන්‍යානුමෝදනා කර සිටින්නෙමු.