skip to Main Content

ගිරිහඬුසෑයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම – 1951

එවකට අග්‍රාමාත්‍ය වූ අතිගරු ඩී.ඇස්. සේනානායක මැතිතුමා  1951.09.18 දා පරණවිතාන පුරාවිදු  අධිකාරීතුමන් ලවා ගිරිහඬුසෑයේ අලුත්වැඩියා කිරීම් ඇරඹීය. පුරාවිදු කඳවුරක් තිරියායේ පිහිටුවා අද පෙනෙන දර්ශනය හිමිවිය.

Read More

“ගිරිහඩු සෑය” රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කිරීම – 1929

ගිරිහඬු පවුවේ වූ විශාල ලියවිල්ලක් 1929 දී හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා ඇත. ඒ අනුව තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් කළ කේශ ධාතු චෛත්‍ය ගිරිහඩු සෑය නමින් රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරිණ.

Read More

රජයේ මිනින්දෝරු නිළදරුවන් හට ගිරිහඬුසෑය නෙත ගැටීම [1929]

වසර සිය ගනනක දීර්ඝ නිහැඩියාවකින් පසු පළමු වරට තිරියාය ගිරිහඬුසෑය සෙල්ලිපිය නෙත ගැටී ඇත්තේ රජයේ ඉඩම් මැනීම් කටයුතුවල නිරත වූ මිනින්දෝරු නිළදරුවන් වෙතයි. සැනෙකින් ක්‍රියාත්මක වූ ඔවුන් එවකට පුරාවිදු අධිකාරී ලෙස කටයුතු කළ, ජාතියේ පිනට පහල වූ, සෙනරත් පරනවිතාන මැතිඳුන්…

Read More

ගිරිහඬු වෙහෙර මහා විජයබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කිරීම.

අග්‍රබෝධි සිලාමේඝ රජයන්ගෙන් පසු පරසතුරු උවදුරින් විනාශයට පත් ගිරිහඬු වෙහෙර මහා විජයබාහු රජු විසින්ද ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ ලියවී ඇත. දොළොස්වන සියවසින් පසු ලක්දිව නැගෙනහිර වෙරළ ප්‍රදේශය සිංහල බෞද්ධයන්ගෙන් හිස්වූයේ චන්ද්‍රභානු මාඝ ආදී පරසතුරන්ගේ යුද වැදීම් නිසායැයි ඉතිහාසයෙන් පෙනේ.

Read More

කංඤ්චුක සෑය හා වටදාගේ නිර්මාණය කිරීම – ක්‍රි.ව. 733

ක්‍රි.ව. 733 දී අනුරපුර රජය වූ අග්‍රබෝධි ශිලාමේඝ රාජයන්ගේ කාලයේ කලින් වූ සෑය වසා අද පෙනෙන කඤ්චුක සෑය හා වටදාගේ නිමවූයේ යැයි අනුමාන කෙරේ. එසේ පවසනුයේ “රත්සල් බතින් ලැව් පහණි” යන සිංහල සෙල් ලිපිය නිසාය. මැටි ගැඩොලින් වූ මුල් සෑය…

Read More

ගිරිහඬු සෑ තතු ශිලා ලේඛනගත කිරීම – ක්‍රි.ව. 733

ක්‍රි.ව. 733 දී රජ වූ අග්‍රබෝධි සිලාමේඝ රජ සමයේ තිරියාය සෙල් ලිපිය ලියා ඇත. සංස්කෘත භාෂාවෙන්  පල්ලව අක්ෂර වලින් ලියා ඇති පේලි 11 කින් සමන්විත අඩි 20 X 5 පමණ වූ මේ සෙල් ලිපිය ගිරිහඬු සෑය වර්ණනා කොට වන්දනා කෙරෙන…

Read More

බුද්ධාලම්භන ප්‍රීතිය ගැන ජනප්‍රවාදයේ ආ පුවතක් ලේඛනගත වීම – ක්‍රි.ව. 412

බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ ලක්දිව සැපත් වූයේ ක්‍රි.ව. 412 දී අනුරාධපුර රජවූ මහානාම කාලයේය. මේ කාලයටත් පෙර ගිරිහඬුවේ සිදු වූ කතා ප්‍රවෘත්ති ජනප්‍රවාදයේ සැලකිලි ලැබූ අතර අටුවාචාරීන් වහන්සේද ඉතා අගේ කොට සැලකූ බව පෙනේ. ඒ විශුද්ධි මාර්ගය නම් පාලි පොතේ එන…

Read More

නීතුපත්පාණ වැව ඉදිකිරීම ක්‍රි.ව. 67

ක්‍රි.ව. 67 දී පමණ ලංකාවේ රජය වූ වසභ රජු විසින් නීතුපත්පාණ කඳු වැටියේ ආධාරයෙන් නිම කළ වැවද නීතුපත්පාණ වැව යනුවෙන් පූජාවලියේ සඳහන් වේ. මහනුවර රාජධානි සමයේ ලියූ නම් පොතටද විහාර ලේඛනයේ නීතුපත්පාණ නාමයම ගැනීමෙන් පෙනී යන්නේ වනගත ඉතිහාසයේත් නීතුපත්පාණ නාමය…

Read More

අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ අධිපතිත්වය – ක්‍රි.ව. 8

ක්‍රි.ව. අටවන සියවස පමණ වන විට මෙය මහායානික පුදබිමක් බවට පත්ව ඇති බව පෙනේ. තිරියාය සෙල් ලිපියෙහි අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්ව වරුන් ද වන්දනා කොට  ඇත. අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාවිකයන්ගේ විශේෂ වන්දනාවට පාත්‍රවී ඇත. එහෙයින් වරායක් අසල වූ…

Read More

රහතන් වහන්සේලා වැඩසිටි ථෙරවාදී පුදබිම – ක්‍රි.ව. 5

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනෙන් පසු මේ පුදබිමේ ද ලෙන්වල කටාර කොටා මහ සඟරුවනට පුජා කොට ඇත. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවස පමණ වනවිට ගිරිහඬු සෑය පිහිටා ඇති පුදබිම නිතුපත්පාන යනුවෙන් හැඳින්වෙන රහතන් වහන්සේලා පවා වැඩසිටි ථෙරවාදී පුදබිමකි.

Read More
Back To Top