තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

රට එක්සේසත් කළ දියසෙන් කුමරුවාණන් තම ඓතිහාසික රාජකාරිය නිමකිරීම [2009]
වසර 30 ක් මුළුල්ලේ පැවති බිහිසුණු යුද්ධය නිමා කරමින් රට නැවත වතාවක් එක්සේසත් කළ දියසෙන් කුමරුවා ශ්රී ලංකා ධරණී තලය තුල රුහුණේ ගිරුවාපත්තුවෙන් පහළ විය. ඒ වෙන කවුරුවත් නොව ශ්රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ උතුමාණන්ය. එතුමන්ගේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ද අභිත සෙන්පති සරත් ෆොන්සේකා විරුවාණන් ප්රමුඛ සියළු රණ විරුවන්ගේ උදාරවූ කැපකිරීම් මත 30 වසරක කුරිරු ත්රස්තවාදය 2009.05.18 දින ලක් දෙරණ මතින් සහමුලින්ම තුරන් කරන ලදි. එය ජාති භේධයකින් තොරව ලක්දෙරණේ ජීවත්ව සිටින සියලු ජනවර්ග වලටත් සතා සිව්පාවාටත් නිදහසේ ජීවත්ව සිටීමට අත්කරදුන් අභයදානයක් බව සිහි කළ යුතුය. ඉන් අනතුරුව ඓතිහාසික ගිරිහඬු සෑ පුද බිමට නැවත වතාවක් අරුණළු උදාවිය.