skip to Main Content

ත්‍රස්තවාදය හිස එසවීම නිසා විහාරස්ථානය හැර යෑම [2005]

සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව ත්‍රස්තවාදය දරුණු අතට හැරුණු හෙයින් නැවතත් විහාරස්ථානය වෙත යාමට නොහැකි වාතාවරණයක් ඇතිවිය. විහාරස්ථනයේ අවට ප්‍රදේශය බිහිසුණූ සටන් භූමියක් බවට පත්විය. අවුරුදු දෙකක් පමණ යාමට නොහැකි වූ හෙයින් විහාරස්ථානයේ අල්පව හා ස්වල්පව තිබූ බඩුබාහිරාදිය නැවත විනාශයට පත්විය. පුද බිම රුක ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළහ. එහිදී නාවික හමුදාව ඉටු කළ සේවය එදා ක්‍රි.ව 733 දි අනුරාධපුර රාජධානියේ රජකම් කළ අග්‍රබෝධි ශිලාමේඝ රජුන් විසින් යුධ හමුදා සමග ගිරිහඬු පෙදෙසේ නැවතී ආරක්ෂා කටයුතු මෙහෙයවීම නැවත සිහිගන්වයි.

Back To Top