තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

රජයේ මිනින්දෝරු නිළදරුවන් හට ගිරිහඬුසෑය නෙත ගැටීම [1929]
වසර සිය ගනනක දීර්ඝ නිහැඩියාවකින් පසු පළමු වරට තිරියාය ගිරිහඬුසෑය සෙල්ලිපිය නෙත ගැටී ඇත්තේ රජයේ ඉඩම් මැනීම් කටයුතුවල නිරත වූ මිනින්දෝරු නිළදරුවන් වෙතයි. සැනෙකින් ක්‍රියාත්මක වූ ඔවුන් එවකට පුරාවිදු අධිකාරී ලෙස කටයුතු කළ, ජාතියේ පිනට පහල වූ, සෙනරත් පරනවිතාන මැතිඳුන් වෙත තොරතුර සැලකරන ලදි. සෙල්ලිපිය ගැන සිදුකරන ලද විධිමත් පුරාවිද්‍යා ගවේශනයකින් පසු තපස්සු සහ භල්ලික වෙළඳ දෙබෑයන් විසින් කේශධාතූන් නිධන්කර තැනූ සෑය මෙම ස්ථානයේ ඇති බවත් එය ගිරිහඬු සෑය නමින් ගැසට් නිවේදනය කළහ.