skip to Main Content

බෝධීන් වහන්සේ රෝපණය කිරීම – [1963]

ජය ශ්‍රී මහා බෝධී අංකුරයක් රෝපණය කිරීම අවශ්‍ය වූයෙන් හිටපු උප පොලිස්පති ටී.බී  වේරපිටිය මැතිතුමා විසින් අනුරාධපුරයෙන් වැඩමවා රෝපණය කළේය. එය සාර්ථක නොවූයෙන් බු. ව. 2507 (1963) පොසොන් පෝදා දිස්ත්‍රික් විනිශ්චයකාර සිරිමෙවන් අමරසිංහ මැතිතුමා විසින් අනුරාධපුරයෙන් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවා රෝපණය කළේය. එය දැනට ශෝභාත්මකව හැදී වැඩී ඇත. බෝධින් වහන්සේ වටා අලංකාර බෝධිඝරයක් එම මැතිනිය විසින් දිසා විනිසුරු තුමන්ට නිවන් සුව පතා කරවන ලදි. මෙහි පූජාසනය ඇස්. එච්. විල්බට් සිල්වා මුදලාලි මහතාට නිවන්සුව පතා කරවන ලදි.

Back To Top