තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

බුද්ධාලම්භන ප්‍රීතිය ගැන ජනප්‍රවාදයේ ආ පුවතක් ලේඛනගත වීම – ක්‍රි.ව. 412
බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ ලක්දිව සැපත් වූයේ ක්‍රි.ව. 412 දී අනුරාධපුර රජවූ මහානාම කාලයේය. මේ කාලයටත් පෙර ගිරිහඬුවේ සිදු වූ කතා ප්‍රවෘත්ති ජනප්‍රවාදයේ සැලකිලි ලැබූ අතර අටුවාචාරීන් වහන්සේද ඉතා අගේ කොට සැලකූ බව පෙනේ. ඒ විශුද්ධි මාර්ගය නම් පාලි පොතේ එන කතා වස්තුව “ගිරිහඬු වෙහෙරට සමීප වත්තකාල නම් ගම් වැසි එක් කුල දුවක් බලවත් වූ බුද්ධාලම්බන උද්වේග ප්‍රීතියෙන් අහසට නැංඟාය.” ලේඛන ගත වීමයි.