තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…
නව වටදාගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය – [1973]
1973 අගෝස්තු 12 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු විලියම් ගොපල්ලව උතුමාණන් අතින් නව වටදාගේ සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය විය. වාර්ෂික කේෂ ධාතු පූජෝත්සවය සමග වූ මේ මහෝත්සවයේදී ගරු ඇස්. ඇස්. කුලතිලක සංස්කෘතික ඇමති තුමන්, රාජා ද සිල්වා පුරාවිද්‍යා අධිකාරී තුමන්, විහාරාධිපති පූජ්‍ය ගන්දර ආනන්ද නාහිමියන් හා ප්‍රාදේශිය රාජ්‍ය නිලධාරීන් ප්‍රධාන ප්‍රාදේශිය ජනතාව විසින් අතිගරු ජනාධිපති උතුමාණන් පිළිගන්නා ලදහ. අතිගරු ජනාධිපති තුමන් හා එම ආර්යාව ද විශේෂයෙන් පිළියෙල වූ හෙලිකොප්ටර් යානයෙන් සෑය වෙත සැපත් වූහ.