තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

ගිරිහඬු සෑ තතු ශිලා ලේඛනගත කිරීම – ක්‍රි.ව. 733
ක්‍රි.ව. 733 දී රජ වූ අග්‍රබෝධි සිලාමේඝ රජ සමයේ තිරියාය සෙල් ලිපිය ලියා ඇත. සංස්කෘත භාෂාවෙන් පල්ලව අක්ෂර වලින් ලියා ඇති පේලි 11 කින් සමන්විත අඩි 20 X 5 පමණ වූ මේ සෙල් ලිපිය ගිරිහඬු සෑය වර්ණනා කොට වන්දනා කෙරෙන ගීත 11ක් බව නිගමනය කොට ඇත. මෙහි අවසානයේ සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවකි. මේ ලිපිය ලියන විටත් කටින් කට මේ පුවත ගෙන ආ පරම්පරාගත බෞද්ධයන් එහි විසූ බව කිය හැකිය. මේ කාලය වන විට තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් ලක්දිව පැමිණ කේෂ ධාතු තැන්පත් කර වර්ෂ 1200 ක් පමණ වෙයි.