skip to Main Content

විහාරස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීම [1985]

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් එල්ල කරන ලද හිත්පිත් නැති ප්‍රහාරයන් හමුවේ විහාරස්ථානය අතහැර අකමැත්තෙන් හාමට සිදුවීය. අවුරුදු 17 ක් අවතැන්වූවන් ලෙස කාලය ගතකළෙමු. ගිරිහඬු වටදාගෙය ඇතුළු පුරාවස්තූන්ට ජීවමාන කේශධාතූන් වහන්සේලාගේ බලයෙන් කිසිදු විනාශයක් සිදු නොවීය. නව ඉදිකිරීම් ලෙස තිබූ බෝධි ප්‍රාකාරය, විහාර මන්දිරය, සංඝාවාසය, ධර්ම ශාලාව, විශ්‍රාම ශාලාව, පුරාවිද්‍යා කාර්යාලය, පූජා නගර කාර්යාලය ආදි ගොඩනැගිලි විනාශයට පත්විය. 1987 වසරේදී විහාරාස්ථානයට දරුණු ප්‍රහාරයක් එල්ල විය.

Back To Top