skip to Main Content

කංඤ්චුක සෑය හා වටදාගේ නිර්මාණය කිරීම – ක්‍රි.ව. 733

ක්‍රි.ව. 733 දී අනුරපුර රජය වූ අග්‍රබෝධි ශිලාමේඝ රාජයන්ගේ කාලයේ කලින් වූ සෑය වසා අද පෙනෙන කඤ්චුක සෑය හා වටදාගේ නිමවූයේ යැයි අනුමාන කෙරේ. එසේ පවසනුයේ “රත්සල් බතින් ලැව් පහණි” යන සිංහල සෙල් ලිපිය නිසාය. මැටි ගැඩොලින් වූ මුල් සෑය නැමවූයේ කවරකු විසින්දැයි නියම ඉතිහාසගත තොරතුරු මෙතෙක් සොයා ගත නොහැකි විය. කංඤ්චුක සෑයේ ගඩොල් කොටසක් ඉවත්කර පැරණි සෑය බලාගැනීමට සලස්වා ඇත. වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑය දිස්වේ. කුඩා පරිමානයේ සෑයක්ව තිබු මේ සෑය ද සිලාමේඝ රජ පුළුල් කොට බඳවා ඇත. දැන් මෙහි විෂ්කම්භය අඩි 32.5ක් පමණවන අතර වටදාගෙයි මලුවේ විෂ්කම්භය අඩි 79ක් පමණ වේ. මෙහි දාගැබේ සිට අඩි 3.25ක් හා අඩි 16 පමණ දුරින් වනසේ එක වටයක කුළුණු 16ක් හා අනෙකේ කුළුණු 32ක් වශයෙන් කුළුණු වට දෙකක් තිබී ඇත. කුළුණු හිස සමග තනි ගලින් නිම වූ පිට වටයේ කුළුනක උස අඩි 14.5ක් පමණ වේ. මිට අමතරව ලී කණු පෙලක් ද උපයෝගී කරගෙන වහල නිමකර තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ. වටදාගෙයට ඇතුළුවීම සඳහා සිව් ‌දෙ සින්ම වාහල්කඩ හතරකි.

Back To Top