තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ අධිපතිත්වය – ක්‍රි.ව. 8
ක්‍රි.ව. අටවන සියවස පමණ වන විට මෙය මහායානික පුදබිමක් බවට පත්ව ඇති බව පෙනේ. තිරියාය සෙල් ලිපියෙහි අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්ව වරුන් ද වන්දනා කොට ඇත. අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාවිකයන්ගේ විශේෂ වන්දනාවට පාත්‍රවී ඇත. එහෙයින් වරායක් අසල වූ මේ පුදබිමද ජ්‍යාත්‍යන්තර සබඳතාවන් නිසා මහායානික ඉගැන්වීම් වලට විශේෂ තැනක් දෙන්නට ඇත. විදේශ වල ද ධර්ම ප්‍රචාරක කටයුතු කල අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ එකල මෙහි අධිපතිත්වය දරා ඇත.