තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

කේශ ධාතු ලක්දිවට වැඩමවීම – බුදු පියාණන් ජිවමානව වැඩසිටි සමයේ.
නමෝ බුද්ධාය !
සිරිලක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම පුවත මෙසේ දන්වන වග නම්,
ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු ලත් තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ දාගැබක කේශ ධාතු කොටසක් නිදන් කොට සෑයක් ඉදි කරන ලදි.
මෙය ලංකා බෞද්ධ ඉතිහාසයේ ආදීම ප්‍රවෘත්තියයි. මෙම ෛඑතිහාසික ප්‍රවෘතිය තිරියාය සෙල් ලිපියේ ඉතා පැහැදිලිව ලියවී ඇත. මේ බැව් බව පූජාවලියේ ද සඳහන් වේ. ඉහත සඳහන් සිද්ධිය සිදු වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයක නිසා ගිරිහඬු සෑ ධාතු ගර්භයේ වැඩසිටින කේශ ධාතූන්, ජීවමාන කේශ ධාතූන් වහන්සේලා ලෙස වන්දනාවට පාත්‍රවේ.