තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

ගෞතම බුදු පියාණන් වහන්සේ ගිරිහඬුවට වැඩම කිරීම
ගිරිකණ්ඩ පර්වතයේ වූ තිරියාය සෙල් ලිපියේ “ගිරිකුණ්ඩි ගතම් සුගතම්” යනුවෙන් ලියා තිබෙන්නේ ගිරිහඬුවටද සුගත බුදු හිමි වැඩම කළ බවයි. බුදු හිමියන් ලක් දිව වැඩම කිරීමටත් පෙර තපස්සු භල්ලිකයන් ගිරිහඬු සෑය ඇරඹූ අතර බුදු හිමියන්ගේ වැඩමවීමෙන් පසු සමන් දෙවියන් කේශ ධාතු නිධන් කළ මියුගුණු සෑය, චූලෝදර මහෝදරයන් මිණි පළඟ නිධන් කළ නාග දීප සෑය, මණිඅක්ඛිත නා රජුන් මිණි පළඟ හා මණ්ඩපය නිධන් කළ කිරි වෙහෙර යන චෛත්‍යන් ඇරඹී ඇති බැව් ඉතිහාසගත තොරතුරු සොයා බැලීමෙන් අවබෝධ වේ.