skip to Main Content

පඩි පේළි වංගුවේ සිට බටහිර දෙස බලා නැග නැගෙනහිර වහල් කඩේ සහ මළුවේ වට ප්‍රාකාරයේ ශිලාමය නටඹුන් නැරඹිය හැක. පුරාවිදු අධිකාරියෙන් පරීක්ෂාකරන අවධියේ වහල් කඩටට යාව ප්‍රාකාරයේ කොටසක් ක්ෂයව තිබුණේය. අක්කරයක පමණ වූ මේ පූජනීය වැලි මළුව වටා වූ මේ ප්‍රාකාරයෙන් අඩි දෙකක් පලල පනා බැම්ම ගලින්ම නිමකර ඇත. මේ නැගෙනහිර වහල්කඩ දැනට තරමක් අලුත්වැඩියාකර තිබේ. ප්‍රාකාරයේ උතුරු දෙසටද වහල්කඩක් සමග නැගෙනහිර පඩි පේළිසමාන ශිලාමය සෝපාන පෙළක් ඇත. වැලි මළුවට ඇතුලුවන විට ප්‍රයෝජන ගැනීමට ගලින් තැනුන දිය පොකුණක් වේ.

Back To Top