මහවාහල්කඩ දොරටුවට ලඟාවත්ම නෙත් සිත් පිනායන ජාතිකාගමික කරුමාන්තයේ දර්ශනය ඔබ ලබා ගන්නේ සුර විමනක් බඳු වටදාගේ දැක්මෙනි. පුරාවිද්‍යා අධිකාරිය මගින් කෙරෙන අලුත්වැඩියාව කොටසක් පමණ නිමා වෙද්දී මෙතරම් ලස්සනට පෙනේ නම් එය නිමවූවායින් පසු කෙතරම් අලංකාරවත් දර්ශනයක් වේද? රාජා ද සිල්වා පුරාවිද්‍යා අධිකාරීතුමන් වටදාගේ හා පඩිපෙළ සොයා බලා එහි කටයුතු නිමාවලීමට කඩිනම් වැඩපිළිවෙලක් යොදන ලදි.
ගිරිහඬු සෑය තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් කේශ ධාතු නිධන් කර ගල් ගොඩකින් වැසීමෙන් ආරම්භ වූ බව පූජාවලියේ සඳහන්ය. එදා ද ගිරිහඬු පව්ව මත විසූ ප්‍රදේශ පාලකයා වන යක්ෂ ගෝත්‍රිකයාගේ පටන් ගිරිකණ්ඩ සිව, පණ්ඩුකාභය, දෙවනපෑතිස් ආදීහුද සමාන කළ හයි අනුමාණ කළ යුතුය. ක්‍රි.ව. 412 ට පෙර ගිරිහඬු සෑය අවට විසූ බෞද්ධයන්ගේ අතිපූජනීය ස්ථානයක් බව විශුද්ධි මාර්ගයේ එන කුල දුවගේ කතාවෙන් පෙන්වා දෙයි. එදා වත්තකාල ගම කුලදුවගේ මිදුලට පෙනුනේ සඳ රැසින් නෑවෙන ගිරිහඬු සෑය මුතු රැසක් ලෙසිනි. එදා බෞද්ධයාගේ පූජෝපහාර පුණ්‍ය ක්‍රියාවන් අරමුණූ කළ ගිරිහඬු සෑය නිසා බුද්ධාලම්භන ප්‍රීතියෙන් කුලදුව අහසින්ම සෑය ලඟට ආවාය.