skip to Main Content
lanka pokuna

පඩි පේළිවල නැගී උතුරු දෙස බලා ඉහලට නැගෙත්ම පියගැට පේළි බටහිර දෙසට ගමන් කිරීමට යොදා තිබේ. මේ පියගැට පෙළේ වූ වංගුවට උතුරු දෙස ලංකාවේ හැඩහුරුකම ආදී ස්වාභාවික ලක්ෂණ මවා පෙන්වමින් නිර්මාණය කරන ලද අඩි 100×30 පමණ වූ  ඇල්දිය පොකුණකි. සිංහලයාගේ විශාරද ඥානය විදහා පෙන්වන අපූරු නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැකි මේ පොකුණට දොරටුවක් සහිත ප්‍රාකාරයක් ගලින්ම තනා ඇත. එම දොරටුව යොදා ඇත්තේ ධනුස්කොඩිය නම් ඉන්දියාවේ සිට ලංකාවට ලඟා වන මාර්ගයෙනි. ඉන් ඇතුළු වී තලෙයි මන්නාරමට ගිය පසු යාපනයට ලඟා වීමටද පඩි පේළි යොදා තිබේ. උතුරු නැගෙනහිර වියළි ප්‍රදේශ මතුකර උස්ව සිටිනා සේ නිමකර ඇත. ලංකාවේ වැස්ස පවතින ඒ ඒ පළාත් දියෙන් පිරී යන සේ මේ මහ ගල් පර්වතය හරහා ගල් වෙන වෙන වැඩට යොදාගෙන ඇතැයි සිතිය හැක. එක වැඩෙන් වැඩ දෙකක් නිමකර ගන්නට ඇත.

Back To Top