මහවාහල්කඩ දොරටුවට ලඟාවත්ම නෙත් සිත් පිනායන ජාතිකාගමික කරුමාන්තයේ දර්ශනය ඔබ ලබා ගන්නේ සුර විමනක් බඳු වටදාගේ දැක්මෙනි. පුරාවිද්‍යා අධිකාරිය මගින් කෙරෙන අලුත්වැඩියාව කොටසක් පමණ නිමා වෙද්දී මෙතරම් ලස්සනට පෙනේ නම් එය නිමවූවායින් පසු කෙතරම් අලංකාරවත් දර්ශනයක් වේද? රාජා ද සිල්වා පුරාවිද්‍යා අධිකාරීතුමන් වටදාගේ හා පඩිපෙළ සොයා බලා එහි කටයුතු නිමාවලීමට කඩිනම් වැඩපිළිවෙලක් යොදන ලදි.