skip to Main Content

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයටත් පෙර ලක්දිව රාවණාදීන්ගේ වීර වික්‍රමාන්විත ඉතිහාසය අපට කියවීමට ලැබී තිබේ. බුද්ධ ධර්මය අටුවා කථා වංශ කතා ආදිය කියවීමෙන් ඒවැනි අදහසක් ගැබ්වී තිබේ. වෙළඳ දෙබෑයන් ගිරිකණ්ඬ පර්වත ප්‍රදේශයේ අධිපති සමග වෙළඳ සම්බන්ධකම් පැවැත්වීම නිසා එහි කේශ ධාතු නිදන් ගිරිහඬු සෑය ඇතිවිය. එදා මල් පුදා දෙබෑයන් විසින් ලක්දිව ප්‍රථම බුද්ධ පූජාව පවත්වන ලදි.

බුදු වීමෙන් නවවැනි දුරුතු පෝදා බිම් තැන්නේ (මහියංගනයේ) යකුන් දමනය කර දම් දෙසා සුමණ සමන් දෙවියන් ප්‍රධාන ලක් ජනතාව මාර්ගඵල අවබෝධය කළ සේක. එදා ගිරිකණ්ඬ පර්වතයේ යක්ෂාධිපතියාද බණ ඇසීමට පැමිණීම සමග සුමණ දිව්‍යරාජයන් විසින්ද කේශ ධාතු ලබාගෙන මහියංගනය ඇරඹීමද විමසා බැලිය යුතු කරුණකි. මේ ප්‍රථම බුද්ධාගමනයට පස් වසරකට පසු බක් මස අව පහළොස්වකදා නාගදීපයේ චුල්ලෝදර මහෝදර නා රජුන්ගේ යුද්ධය සාමදානය කරවීමට වැඩම කළ සේක. බුදු බණ සා සමථයට පත් නා රජවරු මිණි පලඟ (මැණික් පුටුව) ද සෙවන දුන් කිරි නුගය ද බුදුන් වෙතින් ලබා නාගදීපය සෑය ඇරඹූහ. තෙවන වර බුදු  වීමෙන් අට වන වර්ෂයේ වෙසක් පුන් පෝදා කැළණියේ මණිඅක්කිත නා රජුගේ ආරාධනයෙන් කැළණි වෙහෙර පිහිටි තැනට වැඩ රහතන් සමග වළඳා බණ වදාරා මගඵල දෙවා කතරගම, ශ්‍රී පාදස්ථානය ආදී ස්ථාන වලටද වැඩම කළ බව ලේඛනගතවී ඇත. ගිරිකණ්ඩ පර්වතයේ වූ තිරියාය සෙල් ලිපිය“ගිරිකුණ්ඩි ගතම් සුගතම්” යනුවෙන් ලියා තිබෙන්නේ ගිරිහඬුවටද සුගත බුදු හිමි වැඩම කළ බවයි.

බුදු හිමියන් ලක් දිව වැඩම කිරීමටත් පෙර තපස්සු භල්ලිකයන් ගිරිහඬු සෑය ඇරඹූ අතර බුදු හිමියන්ගේ වැඩමවීමෙන් පසු සමන් දෙවියන් කේශ ධාතු නිධන් කළ මියුගුණු සෑය, චූලෝදර මහෝදරයන් මිණි පළඟ නිධන් කළ නාග දීප සෑය, මණිඅක්ඛිත නා රජුන් මිණි පළඟ හා මණ්ඩපය නිධන් කළ කිරි වෙහෙර යන චෛත්‍යන් ඇරඹී ඇති බැව් ඉතිහාසගත තොරතුරු සොයා බැලීමෙන් අවබෝධ විය යුතුය. බුදු හිමියන් දවස ලක්දිව පිහිටා තිබූ රාජධානි කීපයක් සමන්තකූඨ වර්ණනාවේ සඳහන් වේ. ඒවායේ අධිපතීන් බිමි තැන්නේදී බුදු බණ ඇසූ වගක්ද ලියවී ඇත. ලග්ගල, ලෝග්ගල, ගිරිකණ්ඬය, යක්දෙස්සාගල, දිඹුලාගල, සුමණකූඨය, කතණඩුල්‍ල්‍යෙය, මාරගල,මිස්සක පව්ව, රිටිගල, පූතිගල, බලගල, මහමුහුණුගල, යහන්ගල, තුන් කළුගල යනාදිය ඒ රාජධානිවල නාමයෝය.

Back To Top