skip to Main Content

මනහර පොකුණු කූට්ටම මැදින් ආකාශ චෛත්‍යය වෙත (ගිරිහඬු සෑය) ගමන් ගන්නා අලංකාර ශිලාමය පියගැට පෙල ලොව අදත් හමු නොවූ කලාත්මක ගල් වඩුවන්ගේ දස්කමක් යැයි සෙනරත් පරණවිතාන සූරීන්ගේ නිගමනයට ලක්වූයකි. සැතපුම් කාලක ප්‍රමාණයේ වූ මාවතට තනා ඇති මේ ගල් පඩි පේලි සඳහා වූ ලීස්තර බේරා දර්ශනීය කැටයමින් නිමවූ අත්වැල් දෙක ලංකාවේ හමු වූ එවැනි එකම අපූරු ගල් කර්මාන්තයකි. අපගේ බලවත් ඉල්ලීම නිසා චාල්ස් ගොඩකුඹරේ පුරාවිදු අදිකාරීතුමාගේ කාලයේ මේ ශිලාමය පියගැට අලුත්වැඩියා කිරීමෙන් කුඩාවුනට හා මහලු අයටද සෑය ලඟට පහසුවෙන් යා හැකිවිය.

Back To Top