ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු ලත් තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ දාගැබක කේශ ධාතු කොටසක් නිදන් කළ බව පූජාවලියේ සඳහන් වේ. මෙය ලංකා බෞද්ධ ඉතිහාසයේ ආදීම ප්‍රවෘත්තියයි. මේ අපේ ආදීම දාගැබ කොතැනකදැයි සොයා විමසා බලන්නෝ වූහ.
දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට වලවේ ගඟ අසබඩ විහාරයක මේ කේශ ධාතු නිදන්ගත ඇතැයි ඇතැමෙක් පිළිගත් අතර කුරුණෑගල දිශාවේ විල්ලි හත්පත්තුවේ මාවතගම මකුලාන විහාරයේ තැන්පත්ව ඇතැයි විශ්වාස කරන්නෝද වූහ. 1931 දී මා (පූජ්‍ය ගන්දර ආනන්ද හිමිපණන් වහන්ස) පැවිදිව නොබෝ දිනකින් ත්‍රිකුණාමළයේ සිට ගන්දර විජයරත්නාරාමයට පැමිණි අප ඥාති පිරිසකගෙන් අසන්නට ලැබුනේ වෙළඳ දෙබෑයන් විසින් කළ කේශ ධාතු චෛත්‍ය ත්‍රීකුණාමළ දිශාවේ පිහිටි බවයි. ත්‍රීකුණාමලේ නගරයටත් මුලතිව් නගරයටත් සෑයට සැතපුම් 30ක් දුර වුවද අනුරාධපුරය මුලතිව් ත්‍රීකුණාමලේ ප්‍රදේශවාසී අපේ ඥාති මිත්‍රයෝ අප සමග කලින් කළ සාකච්ජා කලේත් මා ඇසින් නොදුටු මේ අතිපූජනීය ස්ථානය කුඩා කළ පටන්ම හිතේ ඇඳී ගියේය. ත්‍රිකුණාමළ දිශාවේ කට්ටුකුලම පත්තුවේ යාන්ඔය මුහුදට ගලාබසින තිරියාය කල්ලරාය (ගල්වරාය) අසල සැතපුමක් දිග මුදුන් තුනකින් හෙබි අඩි 212ක් උස්වූ පුරාතනයේ වූ ගිරිකණ්ඬ පර්වතය (ගිරිහඬු ගිරිකඩ) මුදුනේ පිහිටි මෙය නීතුපත්පාණ විහාරය නමින්ද හඳුන්වති. මේ ගිරිහඬු පවුවේ වූ විශාල ලියවිල්ලක් 1929 දී හමුවූයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා ඇත. ඒ අනුව තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් කළ කේශ ධාතු චෛත්‍ය ගිරිහඩු සෑය නමින් රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් විය
මෙහි තොරතු දැනගත් එවකට අග්‍රාමාත්‍ය වූ අතිගරු ඩී.ඇස්. සේනානායක මැතිතුමා එදිනට පසුදා (1951.09.18) දා පරණවිතාන පුරාවිදු අධිකාරීතුමන් ලවා අලුත්වැඩියා කිරීම් ඇරඹීය. පුරාවිදු කඳවුරක් තිරියායේ පිහිටුවා අද පෙනෙන දර්ශනය හිමිවිය.