ගරිහඬුසෑ කඳුපාමුල නැගෙනහිරින් පිහිටා ඇත්තේ එදා ක්‍රි.ව. 67 දී අනුරාධපුර රජය වූ වසභ නරේන්ද්‍රයන් තැනවූ නීතුපත්පාණ වැවයි. දැනට මේ වැව තිරියායි කුලම් නමින් හඳුන්වයි. මේ වැව ඉවුරේ හිඳ අහස දෙස බලත්ම ගිරිහඬුවේ ආකාශ චෛත්‍යය ගිරිහඬු සෑය හා වටදාගේ සුරලොව දෙව් විමනක් යැයි ඇසිපිය නොහෙලා බලාගත් වතින්ම සිටුනු ඇත. කඳු මත වූ මේ චමත්කාර දර්ශනය සැතපුම් ගණන් හමුවනුයේ තිරියාය ගිරිහඬු සෑය සංවර්ධන සමිතිය මගින් පටන් ගෙන ඇති නව දියුණුවේ කටයුතුය. ශ්රීමාබෝධී ශාඛාවක්ද පිහිටුවා සංඝාවාසය විශ්‍රාම ශාලාව, නව වටදාගේ ආදිය පටන්ගෙන තිබෙනු බැලිය හැකිය.