skip to Main Content

උතුරු දිසාවෙන් පැමිණෙන බැතිමතුන්හට නැග ඒම සඳහා උතුරු පියගැට පෙළ සාදා ඇත. පඩිපේළි පටන් ගන්නා කඳු පාමුල දෙපස පොකුණු කූට්ටමකි. පඩි පේලි නැග මැද මුදුන නැරඹීමට කැලෑව අනාවරණය නොවුයෝය. පඩි පෙළ යාබදව මැද මිදුලක් තිබේ. මේ මළුව සතර දෙසින් මුරගල් යෙදූ සතර මං සංධියකි. එහි බටහිර දෙස රජ වාසල ලෙසින් අනුමාන කළ හැකි විශාල මන්දිරයක ගල් කණු, ගල් ලෑලි ආදිය අත්තිවාරම සමග ඇත. මෙහි නැගෙනහිරට අඩි පනහක් පමණ දුරින් වූ මන්දිරයේ ගල් දොරටුව සමග කොරවක් ගල් ආදිය දෘශ්‍යමාන වේ.

Back To Top